රූ රැජිනියන් කකුල් හෝදන්න තෙලංගනා කතුන් යොදාගෙන මේ මොකද්ද මේ කරන්නේ..? හැමෝම මවිත කල ආන්දෝලනාත්මක කතාවක් එළියට…

රූ රැජිනියන් කකුල් හෝදන්න තෙලංගනා කතුන් යොදාගෙන මේ මොකද්ද මේ කරන්නේ..? හැමෝම මවිත කල ආන්දෝලනාත්මක කතාවක් එළියට…

ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ පැවැත්වෙන 72 වන ලෝක රූ රැජිණ තරගාවලිය පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් මතුව තිබෙනවා.

ඒ, රූ රැජිණ තරගය සඳහා පෙනී සිටින තරගකාරිනියන්ගේ පාද සේදීමට ප්‍රාදේශීය කාන්තාවන් කටයුතු කර ඇති බවට පැතිර යන කතාවත් සමඟයි.

අදාළ කතාබහට අනුව මෙම පුවත වාර්තා වන්නේ, රූ රැජිණ තරගයට සහභාගී වීමට පැමිණි කාන්තාවන් කිහිප දෙනෙකු රාමප්පා කෝවිලට ගිය අවස්ථාවේදී ප්‍රදේශයේ කාන්තාවන් විසින් ඔවුන් පිළිගනිමින්, අදාළ තරගකාරියන්ගේ පාද ජලයෙන් සේදීමට කටයුතු කිරීම නිසාවෙන්.

මෙම ක්‍රියාව සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට බඳුන්ව ඇත්තේ, එක් ස්ත්‍රී කොටසක් රූ රැජිනන් ලෙස විරාජමාන වීමත් තවත් කොටසක් ඔවුන්ගේ පාද සේදීමත් යන කරුණ මත සිටයි.

සමාජ මාධ්‍යයේ ඇතිව තිබෙන මෙම කතාබහ මේ වන විට ප්‍රාන්ත රජයට සේම ලෝක රූ රැජිණ තරග සංවිධායකයින්ට පවා දැඩි බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.

ඒ අනුව බොහෝ කාන්තා සමූහ ආදාළ ක්‍රියාව හෙළා දකිමින් සිය අප්‍රසාදය සහ විරෝධය පළ කිරීමටත් කටයුතු කර තිබෙනවා.

සමාජ මාධ්‍යයේ හුවමාරු වන අදාළ වීඩියෝපටවලට අනුව ස්වේච්ඡා සේවකයින් යැයි විශ්වාස කළ හැකි තෙලන්ගානා කාන්තාවන් ලෝක රූ රැජින තරඟකාරිනියන් හට ඔවුන්ගේ පාද සේදීමට උදව් කරන ආකාරයක් පෙන්නුම් කෙරේ. එමෙන්ම ඇතැමුන් ඔවුන්ගේ පාද පිසදැමීමට පවා කටයුතු කරන සෙයකි දක්නට ලැබෙන්නේ.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයට දැඩි විවේචන එල්ලව තිබේ.

ඒ අතර විපක්ෂ භාරතීය රාෂ්ට්‍රීය සමිති නමැති දේශපාලන පක්ෂයේ නායකයින් ද වේ. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙය තෙලංගනා කාන්තාවන් පහත් කොට සැලකීමක් වන බවයි.

මේ සම්බන්ධයෙන්, හිටපු අමාත්‍යවරියක සහ භාරතීය රාෂ්ට්‍රීය සමිති පක්ෂයේ නායිකාවක වන සබීතා ඉන්දිරා රෙඩ්ඩි Xහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ද මෙම ක්‍රියාව ලජ්ජාසහගත ක්‍රියාවක් වන බවත් රජය ඊට සියලුම කාන්තාවන්ගෙන් සමාව ගතයුතු වන බවයි.

කෙසේ නමුත් ලෝක රූ රැජිණ තරග සංවිධායකයින් පෙන්වා දෙන්නේ, අදාළ කාර්‍ය හුදෙක් සහය දැක්වීමක් සහ කාලය ඉතිරි කරගැනීමක් ලෙස කළ දෙයක් මිස ඊට වෙනයම් අර්ථයක් නොමැති බවයි.

එමෙන්ම විරුද්ධ පාර්ශ්වකරුවන් එතුළින් වැරදි ප්‍රතිරූපයක් මැවීමට උත්සාහ කරමින් සිටින බවයි, ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *