සඳ තනි වෙලා අහසේ… හිරු තනි වෙලා… යලි නොඑන ගමන් ගිය ආදරණීය නිලි රැජින

සඳ තනි වෙලා අහසේ… හිරු තනි වෙලා… යලි නොඑන ගමන් ගිය ආදරණීය නිලි රැජින

ඇය මාලනී … සෙනෙහෙලතා කියලා ලස්සන නමක කොටසකුත් ඇයට තියෙනවා…

ඇත්තටම ඇය හරිම සෙනෙහසින් හැමදෙනාටම එක වගේ ආදරේ බෙදලා දුන්නා.

ඒක ඇයට ආදරේ කරන.. සුවහසක් රසික ජනතාව සාක්ෂියක්…

අද ඇය නික්මයනන දවසෙත්…මේ පුංචි දූපතේ සිව් කොන ඉඳලා …අව්ව වැස්ස නොබලමින් මහා ජන ගඟක්…කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ඇවිදින් ඉන්නවා…තවමත් එනවා…

කලාතුරකින් කෙනෙකුට ලැබෙන තරු ගුණය වගේම…ඉතාම සුන්දර රූපශ්‍රියාවක් ලබන්න ඇය පින් කරලා තිබ්බා….

ඒ යුගයේ ස්වභාවික සුන්දරත්වයට අනූන වෙච්ච ඇයගේ ලස්සන රූපය තවත් විකසිත කරමින් පිරුණු විල් දෙකක් වගේ ලස්සන අහිංසක ඇස් වලින් ඇය හිනා වුණා… ඒ ඇස් වලට හැමෝම ආදරය කරන්න පටන් ගත්තා….

ඒවගේම මාලිනීට තිබ්බා වශී කරන හිනාවක්… පුදුම ලස්සන හිනාවක්….

ඒ හිනාව ඇය ජීවිතයෙන් සමුගන්න මොහොත වනතුරු ඇගේ මුහුණේ ඇඳිලා තිබ්බා…

ඇය අවසන් නින්දේ සුවසේ සැතපෙද්දිත්… හොඳින් බැලුවොත් ඒ මූණේලාවට හිනාවක් ඇදිලා තියෙනවා…

හරියට ඉතින් ගිහින් එන්නම් කියනවා… ඇගේ කටහඬින් එහෙම කියනවා ඇහෙනවා වගේ…

ඒ කටහඬ පවා වශියක්…
පුදුම ආදරණීය හඬක්….

මාලනී දරුවන්ට පුදුම විදියට ආදරය කළා…
ඇගේම කියල දරුවෙක් ඇයට නොහිටියත්…සිය ඥාති දරුවන්ගේ ආදරය නොමඳව ඇයට ලැබුණා..

ඇයත් පෙරලා ඔවුන්ට මහ මෙරක්සේ ආදරය කළා….

මේ පින්තූරවල හිනාවෙ ලස්සන බලන්න…

ආයෙමත් කවදාවත් හැබැහින් ඒ හිනාව දකින්න අපිට වරම් ලැබෙන්නේ නැහැ…

මොනතරම් දුක හිතෙනවද…

ජීවිත විජිතයෙන් සමුගෙන යන ආකාස කුසුම…

තව පැය කිහිපයකින් අප අතරින් නික්මිලා යනවා….

සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා…
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා…..

මාලනියේ ඔබට සුභ ගමන්….

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *