fbpx

ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් ඉවර වෙද්දී චීනයේ යළිත් කොවිඩ් ව්‍යාප්තියක් – පොදු ස්ථාන වැසෙයි

ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් ඉවර වෙද්දී චීනයේ යළිත් කොවිඩ් ව්‍යාප්තියක් – පොදු ස්ථාන වැසෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දින 260කට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් තත්වය ඊයේ (22) සිට ඉවත් කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මාස 09කට ආසන්න කාලයක් මෙල්බන් නුවර වසා දැමීම් 06කට ලක්වුණා.

එම මුළු කාලසීමාව දින 262ක් වන අතර, එය ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර දින 234ක් වසා දමා තිබූ දීර්ඝ නිරෝධායන සමය අභිබවනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙලෙස යළි විවෘත කෙරෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් සිදුවෙද්දී බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රාන්තයේ ජනගහනයෙන් සියයට 70කට පූර්ණ එන්නත්කරණය ලබා දී ඇති අවසන් නිසා මෙලෙස මෙල්බර්න් නුවර විවෘත කිරීමට තීරණය කළ බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කළේ.

Australia restores 'travel bubble' with New Zealand after no new Covid-19  cases

ඒ අතර කොවිඩ් -19 ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් චීනයේ ඇතැම් ප්‍රදේශ වල සංචරණය සීමා කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ, බීජිං අගනුවර සමහර ප්‍රදේශ සහ වයඹදිග ප්‍රදේශ වල පොදු ස්ථාන මෙලෙස වසා දමා තිබෙනවා.

මේ වනවිට බීජිං අගනුවර ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය සේවා පමණක් බවයි වාර්තා වන්නේ.

බීජිං ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වූ බව පැවැසෙන්නේ අගනුවරට පැමිණි දේශීය සංචාරකයන් පිරිසකගෙන් බවට තහවුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් ගමන් බිමන් සිය ගණනක් අවලංගු කිරීමටත් පාසල් සහ කාර්යාල කඩිනමින් වසා දැමීමටත් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

A medical worker in protective suit collects a swab from a resident at a free nucleic acid testing site following new cases of the coronavirus disease (COVID-19), in Lanzhou's Chengguan district, Gansu province, China October 20, 2021. cnsphoto via REUTERS
administrator

Related Articles