fbpx

දරුවන් අතර ව්‍යාප්ත වන ”කවසකි රෝගය” ගැන දැනුවත් වෙමු !

කවසකි රෝගය තරමක් දුලබ රෝගයක් වුණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයි ලංකාවෙන් ද විටින් විට වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම රෝගය මුඛය, සම සහ වසා ගැටිති වලට බලපාන රෝගයකි.

වයස මාස 06ත් අවුරුදු 04ත් අතර වයසේ පසුවන දරුවන් මෙම රෝගයට බහුලව ගොදුරු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රෝගයට බලපාන හේතුව ස්ථීර ලෙසම සොයාගෙන නොමැති අතර ඇතැම් බැක්ටීරියාවන් නිකුත් කරන විෂ වර්ග මෙයට හේතු වෙතැයි අනුමාන කරනවා.

නමුත් මෙම රෝගය මුල් අවධියේ හදුනා ගැනීම වැදගත් වෙනවා.

එහි රෝග ලක්ෂණ කලින් හඳුනාගත් පසු මෙම රෝගය වැළදි ඇති දරුවන්ට දින කිහිපයක් ඇතුළත සුවය ලබන්නත් හැකියාව පවතිනවා.

නමුත් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කල දින 10ක් ඇතුලත ප්‍රතිකාර නොකළහොත් එය දරුවෙකුගේ හදවතට බරපතල අවදානම් ඇති කරන්නත් හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

මෙම රෝගයේ දී කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ රුධිර නාල හානි වන අතර හෘදයේ කිරීටක ධමනි වලටත් හානි සිදුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මේ නිසා හෘදයාබාධ වැළඳී ළමයින් මිය යාමට බොහෝ සේ ඉඩකඩ පවතින බවත් සඳහන්.

මොනවාද මේ කවසකි රෝගයේ රෝග ලක්ෂණ ?

මෙහි රෝග ලක්ෂණ ලෙස,

  • දින 05 කට වඩා පවතින උණ
  • ඇස් රතුවීම
  • සෙම් ගෙඩි ඇතිවීම
  • තොල් පැලීම
  • දිව තද රතු පැහැ වීම (ස්ට්‍රෝබෙරි ගෙඩියක් ආකාරයෙන් දිස්වීම)
  • ගෙල අවට වසා ගැටිති ඉදිමීම
  • රතු පැල්ලම් සහ ලප මතුවීම

දැකිය හැකි වනවා.

මෙහි දී අත්ල හා පත්ල පළමුව රතු පැහැ වී පසුව සම ගැලවී යාම සිදුවන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

සබැඳි තතු කියවන්න –

විදෙස් රටවල ළමුන් අතර පැතිරෙන රෝගයක් පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශ අවදානයෙන්

”ළමුන් අතර පැතිරෙන රෝගය කොවිඩ් – 19 හා සම්බන්ධ විය හැකියි” – WHO අනතුරු අඟවයි

කවසකි ළමා රෝගීන් ලංකාවෙනුත් වාර්තා වෙයි – සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය උපදෙස්

administrator

Related Articles