fbpx

භානුක රාජපක්ෂට වසරක කි‍්‍රකට් තහනමක්

භානුක රාජපක්ෂට වසරක කි‍්‍රකට් තහනමක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක භානුක රාජපක්ෂට වසරක කි‍්‍රකට් තහනමක් සමගින් අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (05) මේ බව කියා සිටියේය.

මාධ්‍ය සාකච්ඡා වලට එක්වෙමින් පසුගියදා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රයාවලියේ ඇතැම් අංග විවේචනය කරමින් සහ පුහුණුකරු මිකී ආතර් පිළිබඳව විවේචනය කරමින් කී‍්‍රඩක කොන්ත‍්‍රාත් ගිවිසුම උල්ලංඝනය කළ බවට භානුකට චෝදනා එල්ල විය.

ඒ අනුව සිදුකෙරුනු විමර්ශනයකට පසුව අදාළ දඬුවම් ලබා දීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් භානුකගේ කි‍්‍රකට් තහනම වසර 02කට අත්හිටුවා ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටී.

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා ජෛව ආරක්ෂක බුබුලට නම් කළ කී‍්‍රඩකයන් 13 දෙනා අතරට භානුක රාජපක්ෂගේ නම ද ඇතුළත්ව තිබේ.

යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව භානුක මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර භානුක අද (06) දිනයේදී අදාළ ආරක්ෂිත ජෛව බුබුල හා සම්බන්ධ වීමට නියමිතව තිබේ.

administrator

Related Articles