fbpx

සියළුම බේකරි ආශ්‍රිත නිෂ්පාදන වල මිල ඉහලට

සියළුම බේකරි ආශ්‍රිත නිෂ්පාදන වල මිල ඉහලට

මෑතකදී ඉහළට ගිය තිරිඟු මිල කිසිසේත් පහළ නොදමන බව ප්‍රීමා සමාගම ඊයෙ දිනයේදී (11) පැවසීය.

රජය විසින් ආනයනය කරන තිරිඟු ඇට සඳහා පනවන ලද අධිල බදු මිල නිසා යලිත් තිරිඟු පිටි මිල රු/ 4.50 සිට රු. 6ක් දක්වා වැඩි කිරීමට ප්‍රීමා සමාගම තම ඒජන්ත වරුන්ට දැනුම් දී ඇත.

ප්‍රීමා තිරිඟු මිල වැඩි වීමත් සමගම බේකරි හිමියන් පාන් ගෙඩියක මිල රුපියල් 2කින් ඉහළ දමා ඇත. තිරිඟු පිටි වල මිල පහළ දමන තෙක් බේකරි නිෂ්පාදන වල මිලද පහත නොදමන බව බේකරි හිමියන් තදින්ම අප හමුවේ පැවසීය.

මෙම සියළුම මිල ගණන් අද (12) දින සිට ක්‍රියාත්මක වන බව ප්‍රිමා සමාගම ඊයේ දිනයේදී ප්‍රකාශ කලේය.

administrator

Related Articles