fbpx

ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

රාජ්‍ය ඇමැතිවරයා සමග ඇතිවූ කිසියම් මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වට්ස්ඇප් සමාජ ජාලයේ සටහනක් තබන මුදිත විදානපතිරණ මහතා සඳහන් කරන්නේ තමා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.

තමාගේ රාජකාරි කටයුතු වලදී එදා මෙදා තුර සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බව ද ඔහු එම සටහන මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ තමාට ඒ ගැන තවමත් දැනුම් දී නැති බවයි.

තමාගේ වේගයට ගමන් කළ හැකි පුද්ගලයන් ආයතන වල සිටිය යුතු බව ද තමාට අවශ්‍ය වන්නේ වැඩ මිස කතාව නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය මුදිත විදානපතිරණගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුව ද එය ව්‍යාර්ථ විය.

administrator

Related Articles