fbpx

විදුලිබල ඇමැතිටත් කොවිඩ්

විදුලිබල ඇමැතිටත් කොවිඩ්

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති බව සඳහන්.

මේ වන විට රටවල් රැසක කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් වර්ධනය වන අතර යළිත් ලංකාවේ ද එවන් තත්ත්වයක් මතුව ඇති බවයි ප්‍රදේශ රැසකින් වාර්තා වන්නේ.

එම හේතුවෙන් ජනතාව නිරතුරු සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව ද සෞඛ්‍ය අංශ සිහිපත් කර සිටිනවා.

කෙසේ වෙතත් මේ වන විට අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු කිහිප දෙනෙකුටම කොවිඩ් හේතුවෙන් ජීවිතය ද අහිමි වුණා.

administrator

Related Articles