fbpx

ආදාහනාගාර ගාස්තු රුපියල් 2000කින් ඉහළ දමයි

ආදාහනාගාර ගාස්තු රුපියල් 2000කින් ඉහළ දමයි

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආදාහන සඳහා අයකරන ආදාහනාගාර ගාස්තු සංශෝධනය කිරීමට කුලියාපිටිය නගර සභාව තීරණයක් ගෙන ඇත.

සේවාලාභීන්ට එම වැඩි වන ගෑස් මිලට පමණක් වන සේ නාගරික ආදාහනාගාරයේ දැනට අයකරන මුදල රුපියල් 2000කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා මෙතෙක් අය කළ රුපියල් 8,000 වෙනුවට 10,000ක මුදලක් අයකිරීමටත් ඉන් බැහැර පුද්ගලයන්ගෙන් රුපියල් 9,000 වෙනුවට රුපියල් 11,000ක් අයකිරීමටත් තීරණය කර තිබේ

යම් යම් අවස්ථාවන්හි ගෑස් මිල ඉහළ දැමූ අවස්ථාවන්හිදී එසේ මිල සංශෝධනය නොකළ ද මෙවර ගෑස් මිල ඉහළ යාම දරාගත නොහැකි නිසාවෙන් එසේ ඉහළ දැමීමට සිදුවන බව එහිදී සභිකයන් ඒකමතිකව තීරණය කරමින් එසේ ආදාහනය සඳහා මෙතෙක් ලබාගත් මුදල වැඩි කිරීමට තීරණය කෙරිණි.

administrator

Related Articles