fbpx

මාරාන්තික මී උණ සීඝ්‍රයෙන් පැතිරෙයි – දෙදෙනෙක් මරුට

මාරාන්තික මී උණ සීඝ්‍රයෙන් පැතිරෙයි – දෙදෙනෙක් මරුට

ජූනි මස සිට පසුගිය 20 දක්වා ගතවූ මාස 04ක කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 250කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග මර්දන අංශය සඳහන් කර තිබේ.

ඉන් දෙදෙනකු මියගොස් ඇති අතර මාවනැල්ල හා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස වලින් මී උණ රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උණ වැනි රෝග ලක්ෂණ ඇති වූ විට වේදනා නාශක ඖෂධ භාවිත කරමින් වෛද්‍යවරයකු වෙත නොයා නිවසේ රැඳී සිටීම මෙම තත්ත්වයට හේතුව බව විශේෂඥවරුන් පවසයි.

එම නිසා කිසියම් හෝ රෝග ලක්ෂයක් මතු වනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි.

තවද කෑගල්ල මහ රෝහලේ මී උණ රෝගීන් 38 දෙනකු පමණ ප්‍රතිකාර ලබන අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ රෝගීන් දෙදෙනකු මිය ගොස් තිබේ.

ඉන් එක් පුද්ගලයකු කුඹුරු වැඩ සිදු නොකළ අයෙකු බව ද වසංගත රෝග මර්දන අංශය පවසයි.

administrator

Related Articles