fbpx

බේරුවල පාසල් සිසුවෙක්ටත් ඩෙල්ටා – ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් ආසාදිතයන් වැඩි වෙයි

බේරුවල පාසල් සිසුවෙක්ටත් ඩෙල්ටා – ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් ආසාදිතයන් වැඩි වෙයි

බේරුවල, හිරිගොඩැල්ල ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා.

කරාපිටිය වෛද්‍ය පීඨය සිදුකළ ජීන් සී කුවින්සි පරීක්ෂණයක දී මෙම පාසල් සිසුවා ඩෙල්ටා කොවිඩ් ප්‍ර​​භේදය ආසාදිතයකු බවට තහවුරු වී තිබේ.

මේ වන විට මෙම පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා ගාල්ල අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය

මෙම ශිෂ්‍යයාගේ නිවැසියන් සහ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.

මේ වන විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 68 දෙනකු මෙරටින් හමු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.

මෙම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් බහුතරයක් කොළඹ මහනගර සභා සීමාව තුළින් හමු වී ඇති බව ඔහු සඳහන් කළේය.

සෙසු ආසාදිතයන් පිළියන්දල, රත්මලාන, යාපනය, කිලිනොච්චිය ප්‍රදේශවලින් සහ යාපනයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින්, ගාල්ල කරාපිටිය රෝහලෙන් මෙන්ම ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් හමුවී තිබේ.

එසේම පසුගිය දින තුනක පමණ කාල සීමාවේදී ඔක්සිජන් අවශ්‍යතාව ඇති කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් ඇති බවත් කොවිඩ් තුන්වන රැල්ලේ ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.

තවද පසුගිය සති තුනක කොවිඩ් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ බහුතරයක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බවට දත්ත වාර්තා පෙන්වා දෙන බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

වරුණි පෙරමුණ

administrator

Related Articles