fbpx

elon musk අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහිකිරීමට සැරසෙයි.

elon musk අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහිකිරීමට සැරසෙයි.

“යම් මිනිස් ක්‍රියාකාරකමක් හෝ ස්වාභාවික හේතුවක් නිසා පෘථිවියේ යම් හෝ විනාශකාරී දෙයක් වුවහොත්, ජීවිත රක්ෂණයක් වගේ යම් විකල්පයක් තිබිය යුතුයි.”

එසේ පැවසුවේ දශක දෙකක කාලයක් පුරා ඔහු, පෘථිවියට විකල්පයක් ලෙස අඟහරු ග්‍රහයා මත ජනාවාස ඇතිකිරීම පිළිබඳ ව අදහස් පළ කරන ලෝක ප්‍රකට SpaceX සමාගමේ ප්‍රධාන විධායකයා වන එලෝන් මස්ක් ය.

මස්ක් තම අන්තර්-ග්‍රහලෝක සිහිනය ගැන විස්තර කරන්නේ විද්‍යා ප්‍රබන්ධයක් විලසිනි. එවැනි දෙයක් උත්සාහ කිරීමට පවා දැරිය යුතු වියදම ඉතා විශාල විය හැකිය.

මෙම තාක්ෂණය නිර්මාණය කිරීමට වෙනත් රජයයන් වැඩි උනන්දුවක් නොදක්වන කරුණක් වන්නේත් මෙය එතරම්ම මිල අධික ක්‍රියාවලියක් බැවිනි.

අඟහරු මත ජනාවාස බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කිරීමට SpaceX සමාගමට තවත් වසර ගණනාවක් ගත වෙතැයි අනුමාන කෙරේ.

නමුත් මේ වනවිටත් ග්‍රහලෝක තරණයට අවැසි අභ්‍යවකාශ යානයක් නිෂ්පාදනය කිරීමට එම සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ඔවුන් තවමත් සිටින්නේ එහි ප්‍රථමික අදියරේ ය. එය යානව Starship ලෙස හඳුන්වයි.

එම Starship යානය සුවිසල් රොකට්ටුවකින් සහ අභ්‍යවකාශ යානා පද්ධතියකින් සමන්විත ය. එම යානය නිර්මාණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර දුර සැතපුම් මිලියන 30ක් පමණ වන අතර. Starship යානය යොදාගෙන ආහාර සහ මිනිසුන් අඟහරු ග්‍රහයා වෙත යැවීම මස්ක් ගේ අභිප්‍රායයි.

editor

Related Articles