fbpx

”වසරක් අවසන් – පුහුණුව දීර්ඝ කරන යෝජනාව හකුළා ගනු” – ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය

”වසරක් අවසන් – පුහුණුව දීර්ඝ කරන යෝජනාව හකුළා ගනු” – ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය

අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස 2020 වසරේ බඳවාගනු ලැබූ පිරිසේ පුහුණු කාලය මාස 06කින් දීර්ඝ කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ඒ පිළිබඳව වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කිරීමට සුදානම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම තීරණය සදහා තරයේ විරුද්ධ බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසනවා.

මෙම පත්වීම් ලබාගැනීම සදහා උපාධිධාරීන් වසර ගණනාවක් මහ පාරේ අරගල කළ බව ආණ්ඩුවට මතක් කර දෙන බවත්, සැප්තැම්බර් 03 වන දිනට ස්ථිර කර ගැනීම සදහා ද පාරේ සටන් කිරීමට පසුබට නොවන බවත් ඔහු දන්වා සිටියි.

එමෙන්ම මෙම පත්වීම් දේශපාලන පත්වීම් නොවන බව පවසන ධම්මික මුණසිංහ සදහන් කරන්නේ සොච්චම් මුදලක් මාසිකව ලබාදෙමින් මෙම පත්වීම් ලද පිරිස කොවිඩ් අවධානම ද නොතකමින් ආණ්ඩුව විසින් සේවයේ යෙදවමින් සිටින බවයි.

එබැවින් වසරක පුහුණුව අවසන් වන සැප්තැම්බර් 03 වනදා දින යොදමින් සේවයේ ස්ථිර කිරීම සිදුකළ යුතු බවත් එසේ නොවන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පිවිසීමට පසුබට නොවන බවත් ඔහු සඳහන් කර සිටියි.

ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්.

No description available.
administrator

Related Articles