fbpx

”හැමෝම කියන්නේ මම දමළ චරිත වලට විතරයි ගැළපෙන්නේ කියලා” – නිරංජනී ෂන්මුගරාජා

”හැමෝම කියන්නේ මම දමළ චරිත වලට විතරයි ගැළපෙන්නේ කියලා” – නිරංජනී ෂන්මුගරාජා

රූපවාහිනි දමිළ නිවේදිකාවක් වශයෙන් කලාවට එකතු වු ඇය මේ වෙද්දි දක්ෂ රංගන ශිල්පිනියක්. නමින් ඇය නිරංජනි ශම්මුගරාජා. මේ කතාබහ ඇය සමඟයි.

නිරංජනි පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. එහෙම නේද?

“ඔව් ඇත්තටම මම වැඩිපුර රඟපාලා තියෙන්නේ ටෙලිනාට්‍ය වලට වඩා චිත්‍රපට වල. සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටයටත් මම සම්බන්ධ ⁣වෙනවා. ඇත්තටම මේකේ මගේ චරිතයට නෙවෙයි හැම චරිතයතට හොද ප්‍රතිචාර ලැබුනා. අදටත් සමහරුන්ට ඒ චරිත හොදට මතකයි. මම රංගනයෙන් දායක වුනේ පූමනි කියන ගැහැණු ළමයෙකුගේ චරිතයට. හරි විනෝදයෙන් බලන්න පුළුවන් සිනමා කෘතියක් තමා මේක.”

May be a closeup of 1 person and jewelry

ඔබට පුංචි තිරයට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

“වර්තමානයේ ටෙලිනාට්‍ය ගොඩක් කිසි තේරුමක් නෑ. කෙටියෙන් මුල මැද අග නැති කතාවලට මම කැමති නෑ. කෙටි කාලින ටෙලි නාට්‍ය වලට මම සම්බන්ධ ⁣වෙනවා. මම කොහොමත් ආස ටෙලිනාට්‍ය වලට වඩා සිනමාවට වැඩක් කරන්න.”

May be a closeup of 2 people

ඔබ නිරන්තරයෙන් දෙමළ චරිත වලට පමණයි සම්බන්ධ වෙන්නේ, ඇයි ඒ?

“ඒක මගේ වැරැද්දක් නෙවෙයි. මොකද මාව දැක්ක ගමන් හැමෝම කියන්නේ මම දමළ චරිත වලට විතරයි ගැළපෙන්නේ කියලා. ඒක මේ රටේ සම්ප්‍රදාය. කෙනෙක් එක චරිතයකින් සාර්ථක වුනොත් ඒ කෙනා දිගටම රංගනය කරන්න ඕනි ඒ චරිතය කියන මතයයි රටේ තියෙන්නේ. මම වුනත් කැමති නෑ එහෙම. මම දමිළ කියලා මට දමිළ චරිත විතරක් දෙන එක හරිද? දෙමළ කියලා මට සිංහල චරිත කරන්න බැරිද? නෑ, මේ රාමු⁣ව නිසයි මට දෙමළ චරිත විතරක්ම ලැබෙන්නේ.” කියලා තමයි ඇය කියා සිටියේ.

May be a closeup of 1 person and standing
May be an image of 4 peopleMay be a closeup of 1 personMay be an image of 1 personMay be an image of 1 person, sitting and standingMay be a closeup of 1 person
administrator

Related Articles