fbpx

මරුටි සුසුකිහි හිටපු ප්‍රධානියා හදිසියේ මරුට

මරුටි සුසුකිහි හිටපු ප්‍රධානියා හදිසියේ මරුට

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන මරුටි සුසුකිහි කළමනාකාර අධ්‍යක්ෂ ජගදීෂ් ඛත්තාර් හදිසි හෘදයාබාධයකින් ඊයේ (26) මියගොස් තිබෙනවා.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 78ක්.

ජගදීෂ් ඛත්තාර් 1993 සිට 2007 දක්වා මරුටි සමඟ සම්බන්ධ වූ අතර එම සමාගම ඉහළට ඔසවා තැබීමේ ප්‍රමුඛයා ලෙස සැලකේ.

1993 දී පළමු වරට සමාගමේ අලෙවිකරණ අධ්‍යක්ෂක ලෙස ඛත්තාර් බඳවා ගන්නා ලදී.

1999 දී ඔහු කළමනාකාර අධ්‍යක්ෂ විය.

ඔහු මරුටි හා සම්බන්ධ වන විට සමාගමේ වාර්ෂික ආදායම කෝටි 9000ක් වූ අතර ඛත්තාර් එය කෝටි 22,000කට ගෙන ගියේය.

එහි ලාභය රුපියල් කෝටි 1730 ක් දක්වා 5 ගුණයකින් වැඩි විය.

මරුටි සුසුකි සමඟ වසර 14ක සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් පසු ඔහු තමාගේම සමාගමක් වන කානේෂන් ඔටෝ ඉන්දියා ආරම්භ කළේය.

ඔහු 2003 සිට 2005 දක්වා ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමයේ (සියාම්) සභාපතිවරයා ද විය.

කෙසේ වෙතත් ජීවත්ව සිටි කාලයේ ඉන්දීය රුපියල් කෝටි 110ක බැංකු වංචාවක් සම්බන්ධයෙන් කානේෂන් ඔටෝ ඉන්දියා සමාගමට චෝදනා එල්ල විය.

සීබීඅයි ඒ පිළිබඳව විමර්ශනය කළ නමුත් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් හමු නොවීය.

administrator

Related Articles