fbpx

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ මෝටර් රථය යතුරු පැදියක ගැටී අනතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හා රාජ්‍ය ඇමතිවරයකු වු අරුන්දික ප්‍රනාන්දු ගමන් කල මෝටර් රථයේ ගැටි තුවාල සිදුව සිටි යතුරු පැදිකරුවකු මාරවිල මුලික රෝහලට ඇතුලත් කල බව පොලීසිය පවසනවා.

ඊයේ (30) රාත්‍රි 10ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර හිටපු මන්ත්‍රිවරයා ගමන් කළ මෝටර් රථය හා යතුරු පැදිකරු මුහුණට මුහුණ ගැටි අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කර සිටිනවා.

හිටපු මන්ත්‍රිවරයා ඇතුළු පිරිස ගමන් කළ මෝටර් රථය මාරවිල පොලිස් වසමට අයත් දුන්කන්නාව ප්‍රදේශයේ දීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරුට බරපතල නොවන බව මාරවිල රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර සිටියා.

අනතුරට පත් මෝටර් රථය හා යතුරුපැදිය මාරවිල පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රිවරයාගේ රියදුරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

administrator

Related Articles