fbpx

”රජයේ සේවකයන්ට අතුරු දීමනාවක් දෙන්න” – ඇමති වාසුගෙන් ඉල්ලීමක්

”රජයේ සේවකයන්ට අතුරු දීමනාවක් දෙන්න” – ඇමති වාසුගෙන් ඉල්ලීමක්

ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන් බවත් නියමාකාර වැටුප් ව්‍යුහයක් සකස් කරන තුරු අතුරු දීමනාවක් ලබාදීමට සලකා බලන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ආදායම් තත්වය සලකා එසේ කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.

කොරෝනා නිසා අද සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කළ නොහැකි බවත් මේ රජය බලයට පත්වූ දා සිටම ක්‍රියාත්මක වූයේ කොරෝනා බවත් ඔහු පැවසුවේය.

මෙවර අයවැයෙන් ලොකු වැටුප් විෂමතාවක් විසඳූ බවත් ඒ සඳහා රුපියල් මිලියන 30,000ක් වැය කළ බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා තියෙද්දි ගෙනා අයවැයෙන් කළ දේ ප්‍රශංසනීය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

administrator

Related Articles