fbpx

”රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරනවා” – ඇමති රොෂාන් රණසිංහ

”රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරනවා” – ඇමති රොෂාන් රණසිංහ

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටිනවා.

ස්ථීර සේවයට බඳවා ගැනීමෙන් පසු රු. 41,000ක වැටුපක් ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

ඒ අනුව රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් 60,000කට ආසන්න පිරිසක් මේ වන විට රාජ්‍ය ආයතන රැසකට අනුයුක්තව සේවය කරනු ලබනවා.

ඔවුන්ගේ වසරක පුහුණු කාලය පසුගිය සැප්තැම්බර් 02 වන දිනට අවසන් වන අතර කොවිඩ් හේතුවෙන් පුහුණුව දීර්ඝ කර ඇති බවයි මීට පෙර දැනුවත් කළේ.

කෙසේ නමුත් එම අභ්‍යාසලාභී උපාධිධාරීන් පිරිස ලබන ජනවාරි මාසයේ සිට ස්ථිර සේවයට බඳවා ගන්නා බව අමාත්‍යවරුන් කිහිප වරකදීම කියා සිටියා.

administrator

Related Articles