fbpx

රෝහල් වලට දෙන තලපත් නවතයි

රෝහල් වලට දෙන තලපත් නවතයි

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ධීවර සංස්ථාව ඇති කර ගනු ලැබූ ගිවිසුමට අනුව දිවයින පුරා මධ්‍යම රජයේ රෝහල් වලට සංස්ථාව දෛනිකව ලබා දිය යුතු රතු හා සුදු තලපත් මාළු සැපයීම පසුගිය මාස 02ක කාලයක සිට අඩාළ වී තිබේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මාළු සැපයුම්කරුවන්ට වසර ගණනාවක සිට රුපියල් කෝටි ගණනක මුදලක් සංස්ථාව නොගෙවා පැහැර හැරීම නිසා සංස්ථාවට මාළු ලබා දීම සැපයුම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම නිසාය.

උද්ගත වී ඇති තත්ත්වය අනුව දිවයින පුරා මධ්‍යම ආණ්ඩුවේ රෝහල්වල රෝගීන් හා රෝහල් බලධාරීන් දැඩි අපහසුතාවකට පත්වී තිබේ.

ධීවර සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර රෝහල්වලට මාළු සැපයීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ 2009 වසරේදී එවක ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගිනි.

ඒ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ රෝහල් වලට දෛනිකව රතු සහ සුදු තලපත් මාළු ටොන් 2ක ප්‍රමාණයක් සැපයීමට ධීවර සංස්ථාවට අවස්ථාව උදා විය.

මේ පිළිබඳව ධීවර සංස්ථාවේ රෝහල්වලට මාළු සැපයීමේ අශයේ කළමනාකරු එස්. බොතේජු සඳහන් කළේ ධීවර සංස්ථාවට ලැබෙන රතු සහ සුදු තලපත් මාළු සැපයුම පසුගිය කාලය තුළ අඩාළ වී ඇති බවය.

රංජිත් ගුණවර්ධන

administrator

Related Articles