fbpx

මා පිය සෙනෙහස අහිමි 11 මසැති දැරියට රෝහලේ දී කන් විද කරාබු දමයි

මා පිය සෙනෙහස අහිමි 11 මසැති දැරියට රෝහලේ දී කන් විද කරාබු දමයි

දස මසක් තම කුස තුළ හොවා ගෙන සිට ත‍්‍රිකුණාමලය මහ රෝහලේ දී දරුවා ප‍්‍රසූත කිරීමෙන් පසු මව විසින් හැර දමා ගිය ගැහැණු දරුවෙකු වෙනුවෙන් නැකතට කන් විදීමේ චාරිත‍්‍රය කන්තලේ මූලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකර මව්පියන්ගෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කිරීමේ සංවේදී මිනිස් සත්කාරයක් පෙරේදා (13) වාර්තා විය.

මේ වනවිට මාස 11ක් සම්පූර්ණ කර ඇති මෙමෙ දැරිය රෝහලේ දමා මව පැන ගොස් ඇති අතර දැරිය ත‍්‍රිකුණාමලය ළමා නිවාසයක භාරකාරත්වයට පත්කර ඇත.

මීට දින 10කට පමණ කලින් සිඟිත්තියට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් ළමා නිවාසයේ භාරකාරිත්වය ද සමග කන්තලේ කෝවිඞ් ප‍්‍රතිකාර රෝහලට ඇතුළත් කර ඇත.

සුව අතට පත්වෙමින් සිටින සිඟිත්තියගේ කන් විද නොමැති බව දැනගත් රෝහල් කාර්ය මණ්ඩලය අවුරුද්දක් සම්පූර්ණ වීමට මත්තෙන් එය සිදුකළ යුතු හෙයින් රෝහල් වාට්ටුව තුළදීම එය සම්පූර්ණ කර තෑගිබෝග ද ලබා දී චාම් උත්සවයක් ද පැවැත්වීමට අමතක නොකළාය.

රෝහල් අධ්‍යක්ෂ මෙලින්ටන් කොස්තා මහතාගේ මඟ පෙන්වීම මත අංක 7 වාට්ටුවේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කරාබු ජෝඩුවක් හා තෑගි බෝග ලබාදීමට පිරිවැය දරා තිබුණි.

මනුස්සකම සාරධර්ම බිංදුවටම සිඳී ගොස් ඇති මෙවන් කාලයක මෙවැනි සත්ගුණවත් උතුම් කාර්යයක් කෙරෙහි තම සිත් යොමු කිරීම ගැන කන්තලේ ප‍්‍රදේශවාසීහු මේ සුව විරුවන්ට තම ප‍්‍රණාමය පුද කර සිටිති.

කන්තලේ ඩබ්.එම්.වික‍්‍රමසිංහ

administrator

Related Articles