fbpx

”මම ඉස්සර දරුවෝ අතට ගන්නත් බයයි” – ළඟදී මව් පදවිය ලැබූ මුතූ තරංගා

”මම ඉස්සර දරුවෝ අතට ගන්නත් බයයි” – ළඟදී මව් පදවිය ලැබූ මුතූ තරංගා

කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් රංගන ශිල්පනියක වන ඇය නමින් මුතු තරංගා. පුංචි පැටියෙකු ලැබිමත් සමඟ කිරි සුවඳ මුළු ගෙදරම පිරිලා යද්දි අද අපි මේ සොදුරු කතා බහ ගෙනියන්නේ ඇය සමඟයි. ජිවිතේ සතුට කියන දේ මුතුගේ ලෝකේට අලුත් දෙයක් නොවුනත් අද ඒ සතුට දෙගුන දෙගුන වෙලා කියන්න සැකයක් නෑ. මොකද කොයි කාගේත් බලාපොරොත්තු වෙන පුංචි දරු පැටියෙක් මුතුටද තියෙද්දි අද ඒ බලාපොරොත්තු මුතූට ලැබිලා ඉවරයි. ඇය මේ දිනවල මුළු ජිවිතයම සිය පුංචි පුතුට කැප කර ඇති බවට ඕනම කෙනෙකුට හැගෙන්නේ ඇය නිර්මාණ කටයුතු වල දකින්නට නැති නිසා.

හැමෝම ඇය දැන් මවක් විදිහට දකිද්දි ඇය විදින සතුට ඇය ලබන හැගිම ගැන ඇය පැවසුවේ මෙහෙම දෙයක්….

“දරුවෙක් කියන්නේ ඕනිම විවාහ වුන දෙන්නෙක්ගේ බලාපොරොත්තුවක්. ඉතින් මටත් ඒ බලාපොරොත්තුව එහෙම්ම තිබ්බා. මවක් කියන හැගිම විදින්න අනිවාර්යයෙන් මවක් වෙන්නම ඕන. මොකද ඒක උත්තරිතර පදවියක්. ඇත්තටම අම්මා කෙනෙක් වුනහම කෙනෙක් ලබන හැගිම මමත් වින්දා.”

May be a closeup of one or more people

මුතු තරංගා කියන්නේ ඇත්තටම සුන්දරත්වය පිරි ශිල්පිනියක්. ඇයට උපතින්ම ඒ දායාදය ලැබිලා තියෙද්දි ඇය මවක් විමත් සමඟම තවත් ඇය පිරිපුන් සිරියාවන්ත වු බවට සැකයක් නෑ.කෙසේ වුවත් ඇය තව ටික කාලයක් යන තුරු නිර්මාණ වලට දායක නොවෙන බවයි අපිට පැවසුවේ. ඒ මොකද ඇය සිය ජිවිතේ දැන් පුතුට කැප කර අවසන්. ඒ නිසාම ඇය කලා කටයුතු වලින් ඈත්ව සිටින බවයි. ඇය අවසාන වතාවට ප්‍රේක්ෂකයන් හමුවට ආවේ “රැස්” ටෙලි නාට්‍ය සමඟින් වෙද්දි ඇයව නැවතත් ⁣රංගන ශිල්පිනයක් ලෙස දකින්න ප්‍රේක්ෂකයන් බලා සිටින බවට දැකයක් නෑ.

No photo description available.

රංගනය වෙනුවට ඇය මේ දවස්වල අපූරූ රැකියාවක් කරන්නේ පුංචි පුතු එකතු කරගෙන. ඇයට රංගනය මෙන්ම ගායන හැකියාවද වාසනාවට උරුම වෙද්දි ඇය මේ දිනවල ඒ සදහා කාලය වෙන් කලා කියලයි ආරංචි.

“මම මේ දවස් වල දරු නැළවිලි ගී තමා කියන්නේ. මොකද පුතා මට ඒකට අවස්ථාව දිලා තියෙනවා “

No photo description available.

මවක් වු ගැහැණියක් කෙතරම් වෙනස් වෙනවාද. මුතූගේ කතා බහ පුරාවටම දෝරේ ගැලුවේ මවගේ සෙනෙහස ආදරය. ඒ කොහොම වුනත් ඇගේ අතිතයේ ඇය රංගනයටවත් ⁣පොඩි දරුවෙක් අතට ගන්න බයයි කියලා අපිට ආරංචි වුනේ. ඒ නිසා ඒ ගැන අපි ඇ⁣යගෙන්ම ඇහුවා.

“මට සමහර නිර්මාණ වල දරුවන් වඩාගෙන රංගනය කරන්න තිබුනා. මම ඒ අවස්ථා බැහැ කියා පැවසුවා. මොකද මම දරුවෝ අතට ගන්න බයයි. අනික මට දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් දැක්කත් බය හිතුනා ඒ කාලේ. හැබැයි අද තත්වය වෙනස්. මට දැන් ඒ හැමදේම සාමාන්‍ය වෙලා.”

No photo description available.
No photo description available.
No photo description available.
administrator

Related Articles