fbpx

”පරිප්පු වලයි හාල් වලයි මිල බලන්න නම් මාව පත් කළේ, ඒකෙන් වැඩක් නෑ” – ජනපති

”පරිප්පු වලයි හාල් වලයි මිල බලන්න නම් මාව පත් කළේ, ඒකෙන් වැඩක් නෑ” – ජනපති

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පු වල හෝ හාල්වල මිල බලන්නට නම්, ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පැමිණ සිටි අවස්ථාවේදීයි.

“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අය නම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පු වල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ…… නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා. ” යනුවෙන් සඳහන් කර සිටියා.

administrator

Related Articles