fbpx

ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයින් 12,000 ඉක්මවයි

ඉන්දියාවෙන් එක් දිනයක දී කොවිඞ් – 19 ආසාධිතයන් 12,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ එරටින් සටහන් වූ කොරෝනා ආසාධිතයන් ගණන 12, 023 ක්.

ඒ අනුව ඉන්දියාවේ මුලු ආසාදිතයින් ගණන 321,626ක් දක්වා ඉහළ යනු ඇති.

දැනට ඉන්දියාවෙන් සටහන් වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9199ක්.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් සහිත රටවල් අතර ඉන්දියාව පසුවන්නේ 04 වන ස්ථානයේයි.

මේ අතර පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ දිනයේ දී ප්‍රධාන අමාත්‍යවරුන් පිරිසක් නවදිල්ලි නුවරට කැඳවා තිබුණා.

වසංගතය පාලනයට ගෙන ඇති පියවර සහ ගත යුතු ඉදිරි පියවර එහි දී සාකච්ඡාවට ලක්කල බව සඳහන්.

මේ වනවිට ලොව පුරා සටහන් වන කොරෝනා ආසාදිතයින් ගණන 78 55 028 ක්.

මුලු මරණ ගණන 431 726 ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

administrator

Related Articles