fbpx

කින්නියා පාලම් පාරුව පෙරළිමෙන් කුපිත වූ පිරිස් මන්ත්‍රීගේ නිවසට අලාභහානි කරයි

කින්නියා පාලම් පාරුව පෙරළිමෙන් කුපිත වූ පිරිස් මන්ත්‍රීගේ නිවසට අලාභහානි කරයි

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේ කුරිඤ්ඤංකේනි හිදී පාලම් පාරුවක් පෙරලීමෙන් ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මියගිය අය අතර ළමයින් 4 දෙනෙකු, කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු සිටින අතර බරපතල 4 දෙනෙකු ඇතුළු 10 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ධාරිතාව ඉක්මවා වැඩි පිරිසක් රැගෙන යාම හේතුවෙන් මෙම පාලම් පාරුව පෙරළීමට ලක්ව ඇත.

අද (23) උදෑසන 07.30 පමණ මෙම අනතුර සිදුව ඇත.

ආපදාවට පත් තවත් අය සිටින බැවින් ඔවුන් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

May be an image of footwear

විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ වන විටත් එම අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරනු ලබයි.

කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිත කර ඇත.

පාළම පාරුව පෙරළී 06 දෙනකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට කුපිත වු පිරිසක් මුස්ලිම් කොන්ග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් එස් තවුහික්ගේ කින්නියා නිවසට පහර දී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය කියයි.

administrator

Related Articles