fbpx

ලසන්ත ඝාතනය ජාත්‍යන්තර අධිකරණයට යයි – නොවැම්බර් 02 වනදා හේග් අධිකරණයේ දී විභාගයට

ලසන්ත ඝාතනය ජාත්‍යන්තර අධිකරණයට යයි – නොවැම්බර් 02 වනදා හේග් අධිකරණයේ දී විභාගයට

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් වූ නඩුව ලබන නොවැම්බර් 02වන දින ජාත්‍යන්තර හේග් අධිකරණය ඉදිරියේ පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විභාග වීමට නියමිතය.

මීට අමතරව, මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සඳහා යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙක්සිකෝවේ සහ සිරියාවේ රජයන් වෙත ද චෝදනා ගොනු කිරීමට මෙහිදී කටයුතු කරනු ඇති බව පැවෙසේ.

විවෘත නඩු විභාගය සඳහා ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙන බර්නබියු විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත.

මාධ්‍ය නිදහස පිළිබඳ ඉහළ පෙළේ නීති විශාරද මණ්‌ඩලයේ සාමාජිකාවක් වන ෂාස්‌ බැරොනස් හෙලේනා කෙනඩි විසින් ප්‍රධාන දේශනයක් පවත්වනු ඇත.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 13ක් ගතව ඇති නමුත් මේ වසර 12ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල, ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.

Lasantha Wickrematunge Murder "Trial" To Be Conducted By People's Tribunal  In The Hague - Colombo Telegraph

ලසන්තගේ දියණිය සොනාලි සමරසිංහ වික්‍රමතුංග මිට වසර 11කට පෙර 2010 දී ලසන්ත ඝාතනය ගැන මෙසේ ලීවේය.

”දැන් ඉන් වසරක් ගෙවීත්, ලසන්ත ඝාතනය තවමත් නොවිසඳී පවතියි. සැබවින්ම, යන්තම් සිව් වසරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් තැන් පටන් ගත වූ කාලය තුළ දී ප්‍රතිවිරුද්ධ මතධාරී මාධ්‍යවේදීන් 13 දෙනෙකු කෲර ලෙස ඝාතනයයට ලක් වූ විට සිදු වූවාක් මෙන් මෙහිදීත්, ඔහු ඝාතනය කිරීම පිළිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂණයක් සිදු වී නැත. කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව ද මට විශ්වාස ය. රාජ්‍ය මිනීමරණ විට එය ඒවා සිදු කරන්නේ දුර්විපාක ඇති නොවන පරිදි ය..”

Sri Lanka Exhumes the Body of Its Most Critical Journalist - The Atlantic
The Lasantha Wickrematunge Case: A Timeline
administrator

Related Articles