fbpx

PCR පරික්ෂාවට පැමිණි අයෙකු හදිසියේම මියයයි

PCR පරික්ෂාවට පැමිණි අයෙකු හදිසියේම මියයයි

කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු අද (24) කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටිය දී එක් පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි විවාහකයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා පසු ගිය 21 වැනිදා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගිය කන්දකුලිය පදිංචි රියදුරෙකි.

මොහු පී.සී.ආර්. පරීක්ෂණයට හාජනය කිරීමට පෙර හදිසියේම මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයාගේ දේහය ද පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කර සුරක්ෂිතව පුත්තලම රෝහළේ මෘත ශරීරාගාරය්ට යොමු කරන අතර පී.සී.ආර්. වාර්තාව අනුව මරණ පිළිබදව ඉදිරි කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.

පද්මා කුමාරී කංකානම්ගේ

administrator

Related Articles