fbpx

බන්ධනාගාරගතව සිටින රංජන් ළඟ තිබී ජංගම දුරකතනයක් හමුවෙයි

බන්ධනාගාරගතව සිටින රංජන් ළඟ තිබී ජංගම දුරකතනයක් හමුවෙයි

සිය දණහිසේ ඇති වූ අසනීප තත්ත්වයක් මත අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා රැගෙන විත් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක සතුව තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

මෙම දුරකතනය ඊයේ (21) රාත‍්‍රී ඔහු ළග තිබී හමු වී ඇති බව ද සඳහන්.

දුරකථනය සමඟ හෑන්ඩ්ස් ෆ්‍රී එකක් ද තිබී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින ඔහුව කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින් ඊයේ (21) දින රාත්‍රී 10.00ට පමණ සිදු කළ හදිසි සොදිසියක දි ඔහු සන්තකයේ තිබි ජංගම දුරකථනයක් හා හැන්ඩ් ෆ්‍රී 01, අත්අඩංගුවට ගෙන ඇති හෙතෙම කීය.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර මුලික විමර්ශණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

administrator

Related Articles