fbpx

නීති විරෝධී පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත් කිරීම අද සිට

මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී පෝස්ටර් – බැනර් සහ කටවුට් ඉවත් කිරීම අද (14) සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියාසිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක බවයි.

දිවයිනේ සියලු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි එය ක්‍රියාවට නැංවනු ඇති.

මෙම වැඩපිළිවෙල අධීක්ෂණය කරන ලෙස සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම නීති විරෝධී අයුරින් වාහන වල ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර් ඉවත් කිරිම ද මෙහිදී සිදුවනු ඇති.

පොලිසිය මහජනතාවට දැනුම්දෙන්නේ මෙවැනි නීති විරෝධී පෝස්ටර් – බැනර් – කටවුට් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.

administrator

Related Articles