fbpx

ඉන්නකන් කැපිලි දාලා මැරුණට පස්සේ කිඹුල් කඳුළු හෙළන බොලිවුඩ් දැවැන්‍තයන්ට සයිෆ්ගෙන් දොස්

ඉන්නකන් කැපිලි දාලා මැරුණට පස්සේ කිඹුල් කඳුළු හෙළන බොලිවුඩ් දැවැන්‍තයන්ට සයිෆ්ගෙන් දොස්

පසුගිය දා සියදිවි හානි කරගත් රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත්ට ඇති වූ හදිසි ආදරය පිළිබඳ බොලිවුඩයේ දැවැන්ත නළු නිළියන්ට සයිෆ් අලි ඛාන් දොස් පවරා තිබෙනවා.

සුෂාන්ත් සිං රාජ්පුත් ජීවතුන් අතර සිටිය දී ඔහුට කර්මාන්තය තුළ දැවැන්තයන්ගෙන් විශාල ලෙස කැපිලි සිදු වූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැවැන්තයින් චෝදනා කරමින් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

මීට පෙර කන්ගනා රනෝත් ද සුෂාන්ත් ගේ මරණයට ”කර්මාන්තය වගකිව යුතු බව”ට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

පසු ගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී රන්වීර් සිං රංගනයෙන් දායක වූ Gully Boy වැනි චිත්‍රපට සම්මාන පිට සම්මාන දිනා ගනිද්දී සුෂාන්ත්ගේ Chhichhore කිසිදු ඇගයීමකට ලක් නොවුණු බව ඇය පැවසුවා.

බොලිවුඩ් සිනමා කර්මාන්තය අඩකටත් වඩා පාලනය කරන කරන් ජෝහර් මේ පිටුපස අදෘශ්‍යමාන හස්තය බව බොහෝ දෙනෙක් චෝදනා කරනවා.

ඔහු ස්වාධීනව ශිල්පීන්ට වැඩීමට ඉඩ නොදෙන නවක නළුවන්ට කැපිලි දමන අධ්‍යක්ෂවරයෙක් බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

48 හැවිරිදි සයිෆ්, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමඟ සංවාදයක යෙදී සිටිය දී මියගිය නළුවා ජීවතුන් අතර සිටිය දී ඔහුට හිරිහැර කළ සියලු දැවැන්ත සිනමා කරුවන්ට චෝදනා කර තිබෙනවා.

ඔහු පිළිබඳ බොහෝ දෙනෙක් මේ වන විට කිඹුල් කඳුළු හෙළමින් සිටින බව ජීවතුන් අතර සිටිය දී ඔහු ගැන සැලකිල්ලක් නොදැක්වූ පුද්ගලයන්ගෙන් හදිසියේ ප්‍රේමය ගලා ඒම පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ෂාහිඩ් පවසනවා.

මියගිය සුෂ්මත්‍ ට ඉදිරියට ඒමට ඉඩ නොදුන් බවට රසිකයන්ගෙන් චෝදනා එල්ලවන කරන් ජොහාර්, රන්වීර් සිං සහ ආලියා භාත් ඇතුළු බොලිවුඩ් තරු අතලොස්සක් විසින් දක්වන උපහාරය, අවංක උපහාරයක් ද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු ලබනවා.

BoycottBollywood නම් හැෂ් ටැගය සමඟ ව්‍යාජ කඳුළු වගුරුවන බවට බොහෝ දෙනා චෝදනා කළේ තාරකාව ජීවත්ව සිටිය දී ඔහුට ගෞරව නොකිරීම නිසායි.

administrator

Related Articles