fbpx

හදිසි තොරතුරක් මත මත්තල ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි කරයි

හදිසි තොරතුරක් මත මත්තල ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි කරයි

මත්තල හම්බන්තොට ගුවන් තොටුපළ සහ ඒ අවට අද (15) පෙරවරුවේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වනවා.

පොලිසියට ලද හදිසි තොරතුරක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ඒ අනුව තංගල්ල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් එහි ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු කියා සිටියේය.

administrator

Related Articles