fbpx

”මට ලියන්න” – සිරගතව සිටින රන්ජන් රාමනායක මහජනතාවගෙන් කළ සංවේදී ඉල්ලීම

”මට ලියන්න” – සිරගතව සිටින රන්ජන් රාමනායක මහජනතාවගෙන් කළ සංවේදී ඉල්ලීම

බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ හැකිතාත් තමන්ට ලිපි එවන ලෙසටයි.

එසේ එවන ලිපි සියල්ලම තමන් කියවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම හැකි හැම විටම සමාජ මාධ්‍ය තුළ තමන් ගැන සටහනක් තබන ලෙස ද සමාජ මාධ්‍ය භාවිත කරන ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු ජනතාවගෙන් එවන් ඉල්ලීමක් කළ බව සඳහන් කරන්නේ ඔහුගේ සුව දුක් බැලීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය වැලිගම හිටපු නගරාධිපති රොහාන් ජයවික්‍රම යි.

ඒ අනුව මෙම ලිපිනයට ලිපි යොමුකරන ලෙස ඔහු ඉල්ලා තිබේ.

ලිපිනය : රංජන් රාමනායක,
‍ Y අංශය,
ශ්‍රී ලංකා බන්ධනාගාරය,
අගුණකොළපැලැස්ස.

administrator

Related Articles