fbpx

”ෆේස්බුක්” අහිමි වෙන ලකුණු

”ෆේස්බුක්” අහිමි වෙන ලකුණු

නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට ඇති සැලසුම මත ‘‘ෆේස්බුක්‘‘ නම වෙනස් කිරීමට අදාල සමාගම තීරණය කර ඇති බව වර්ජ් වෙබ් අඩවිය අනාවරණය කරයි.

වෙබ් අඩවිය පවසන පරිදි මෙම නම වෙනස් කිරීම එළැඹෙන සතියේදී සිදු වන ඇත‍.

ෆේස්බුක් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරීයා වන මාක් සකර්බර්ග විසින් ලබන 28 වැනිදා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද අදාල වෙබ් අඩවියේ වැඩි දුරටත් දක්වා ඇත.

මෙම සන්නාම වෙනස සමගින් සමාජජාල මාධ්‍ය වලට පමණක් සිමා වී ඇති ව්‍යාපාර කටයුතු ඉන් ඔබ්බට පුලුල් පරාසයක විහිදුවා ලීමට බලාපොරෝත්තු වන බව සඳහාන් වේ.

ඒ අනුව සමාගමේ විශාලතම නිෂ්පාදනය වන ෆේස්බුක් වෙබ් අඩිවය සහ අනෙකුත් සමාජ ජාල වේබ අඩවි ද අදාල නව නාමකරණයකට ලක්වෙන සමාගම යටතේ පාලනය වීමට නියමිත බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම නව තීරණය සම්බන්ධනේ ෆේස්බුක් සමාගම තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවද වර්ජ් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

administrator

Related Articles