fbpx

ශ්‍රී ලංකා පිල ICC ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට

ශ්‍රී ලංකා පිල ICC ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට

2021 – 23 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

එහි දෙවන තැන ඉන්දියාවටද , තෙවන තැන පකිස්ථානය හිමිව ඇත.

ශ්‍රී ලංකාව මෙලෙස ප්‍රථම ස්ථානය දක්වා පැමිණියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමත් සමගය.

ඒ ලකුණු 187කිනි.

මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා දැවී ලකුනු 386ක් රැස්කර ගත් අතර, පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 230ක් පමණි.

අනතුරුව දෙවැනි ඉනිම සදහා කඩුළු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල කොදෙව් පිලට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක අභියෝගයක් හිමිවිය.

නමුත් කොදෙව් කණ්ඩායමට සියලුදෙනා රැස්කර ගත හැකි වූයේ ලකුණු 160ක් පමණියි.

මෙම තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දිනා ගැනීමට සමත් විය.

administrator

Related Articles