fbpx

”ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට හෙට වැටෙනවා” – මංගල සමරවීර

”ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට හෙට වැටෙනවා” – මංගල සමරවීර

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට අනිද්දා පත්වන බවත් ශ්‍රී ලංකාව නොපෙණෙන අගාධයකට වැටෙමින් තිබෙන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (25) පැවසුවා.

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස 2019 නොවැම්බර් මස 18 වැනිදා බාරදෙන විට මහ බැංකුවේ විදේශ සංචිතය ලෙස ඩොලර් බිලියන 7.6ක් තිබූ බවත් හෙට ඩොලර් බිලියනයක ණයක් ගෙවීමෙන් පසු ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 2.6ක් දක්වා අඩු වන බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය වසර ඇතුළතදී ජාතික ආදායම ඩොලර් බිලියන 600කින් පමණ අඩු වූ බව කී හිටපු අමාත්‍යවරයා මහ බැංකුව ඉතිහාසයේ අච්චු ගැසූ විශාලම මුදල් ප්‍රමාණයත් පසුගිය වසරේ අච්චු ගැසූ බව කීය.

‘සැබෑ දේශප්‍රේමියා’ සංවිධානය කොළඹ දී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා එසේ පැවසීය.

administrator

Related Articles