fbpx

”සුදුස්සෙකු සොයා ගන්නා තුරු ධුරයේ රැඳෙන්න” – ජනපති, වෛද්‍ය ප්‍රසන්නගේ ඉල්ලා අස්වීම කල් දමයි

”සුදුස්සෙකු සොයා ගන්නා තුරු ධුරයේ රැඳෙන්න” – ජනපති, වෛද්‍ය ප්‍රසන්නගේ ඉල්ලා අස්වීම කල් දමයි

ඉල්ලා අස්වන්නට සූදානමින් සිටින බවට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්තාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඊයේ දින පැවති කොවිඩ් කමිටු රැස්වීමටද සහභාගී වූ අතර එහිදි සුදුස්සකු සොයාගන්නා තුරු තවත් මාසයක් තනතුරේ රැඳී සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට දන්වා ඇතැයි වාර්තා විය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය හේතු දක්වමින් තමා ඉල්ලා අස්වන බවට ලිඛිතව කලින් දැනුම් දී තිබුණි.

සභාපති ධුරයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයා ද එකගතාව පළකොට තිබුණත්, එම තනතුරට සුදුසු ආදේශකයක් සොයා ගන්නා තුරු තවත් මාසයක් රැඳී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා විය.

ප්‍රසන්න සෞඛ්‍ය ඇමති සමග විරසක වූ බවටත් දත්ත අස්ථානගතවීම සම්බන්ධ ආරවුල මත ඔහුට චෝදනා තිබූ බවටත් විවිධ වාර්තා මින් ඉහත පළ වී තිබුණි.

administrator

Related Articles