fbpx

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලංගමයේ දිනක ආදායම කෝටි 06 ඉක්මවයි

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලංගමයේ දිනක ආදායම කෝටි 06 ඉක්මවයි

‘කොවිඩ්’ පළාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසුව ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) දිනක ආදායම රුපියල් මිලියන 60 ත් 65 ත් හෙවත් කෝටි 06ක් ඉක්මවා වර්ධනය වී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස පැවසීය.

ලංකා ගමනා ගමන මණ්ඩලය මේ වන විට බස් රථ 4700ක් ධාවනයට යොදවා ඇති බවත් තවත් බස් රථ 500ක් පමණ ධාවනයට යෙදවීමේ හැකියාව ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.

ලංකා ගමනා ගමන මණ්ඩලය හැකි උපරිමයෙන් බස් ධාවනයට යොදවා ජනතාවට ගමන් පහසුකම් ලබා දෙමින් ආදායම වැඩි කරගන්නා බවත් පණ්ඩුක ස්වර්ණහංස වැඩිදුරටත් සඳහන් කළේය.

යොහාන් භාසුර

administrator

Related Articles