fbpx

ලබන වසරේ සිට හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි

ලබන වසරේ සිට හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි

වර්තමාන ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේදී මෙරට ජනතාවට ලැබෙන බවත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට ලක්කිරීමට සූදානම් බවත් ඩිජිටල් තාක්ක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බව කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ කුමන පහසුකම් ලැබුණ ද රටේ ජනතාව මෙම තාක්ෂණය භාවිත නොකරන්නේ නම් උත්සහය ඵලදායි නොවන බව ද සඳහන් කළේය.

‘ලංකාකිව්ආර්’ සේවාව රට පුරා ජනගත කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු අද (25) එසේ පැවසීය.

මුදල් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික ‘කිව්ආර්’ කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ‘ලංකාකිව්ආර්’ ක්‍රමය මගින් හැකියාව ලැබේ.

යොහාන් භාසුර

administrator

Related Articles