fbpx

නවක පත්වීම් ලැබූ අගමැති සම්බන්ධීකරණ නිලධාරිනිය එම ධුරයෙන් ඉවත් කරයි

නවක පත්වීම් ලැබූ අගමැති සම්බන්ධීකරණ නිලධාරිනිය එම ධුරයෙන් ඉවත් කරයි

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස මෑතක දී පත් කරන ලද නිවේදිකාවක හා නිරූපන ශිල්පිනියක වන කෞෂල්‍යා වෙඩිකාරආරච්චි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඇයගේ පත්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය කාර්යාලය විසින් ආපසු කැඳවා ඇති බවයි පැවසෙන්නේ.

එම පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය අතර නිසි සම්බන්ධීකරණයක් සහ අවබෝධයක් නොතිබීම මත මෙම පියවර ගෙන තිබෙනවා.

ඇය අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනික ලෙස පත්වීම ලැබුවේ දැනට සති කිහිපයකට පෙරාතුවයි.

අදාල පත්කිරීම සම්බන්ධයෙන් අගමැති කාර්ය මණ්ඩලයේ පිරිසක් නොසතුට පල කර ඇති බව ද වාර්තා වී තිබෙනවා.

කෞෂල්‍යා වෙඩික්කාරආරච්චිගේ සැමියා වන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වන දමිත වික්‍රමසිංහයි.

දමිත ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ තරුණ සංවිධාන කමිටුවේ සභාපතිවරයා ද වේ.

කෞෂල්‍යා මීට කලකට පෙර සිරස නාලිකාවේ ‘කැදැල්ල’ වැඩසටහනේ නිවේදිකාවක ලෙස ද කටයුතු කරනු ලැබුවා.

Source – C news

administrator

Related Articles