fbpx

ගත වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන යළිත් ඉහළට

ගත වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන යළිත් ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (21) උදෑසන වනවිට ගත වූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් හමුවීම 513 දෙනෙකු බවත් දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 59,017 වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මේ අතුරින් 57 දෙනෙකු බැගින් ආසාදිතයින් හමුවීම මහර සහ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ජාඇල – 47 ක්, කටාන – 44 ක්, දොම්පෙ – 43 ක්, කැලණිය, වත්තල සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 37 දෙනෙකු බැගින්, අත්තනගල්ල – 30 ක්, මිනුවන්ගොඩ සහ සීදූව කොට්ඨාසයන්ගෙන් – 24 දෙනෙකු බැගින්, දිවුලපිටිය, ගම්පහ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් – 20 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් 16 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

පැය 24ක් තුල කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ආයෝජන කලාපය කටුනායකකින් 19 ක්, බියගමින් 4 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 7 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,711 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,24,989 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇත.

ගම්පහ තිලකරත්න දිසානායක

administrator

Related Articles