fbpx

නිදහස් පක්ෂ මූලස්ථානයේ වායු සමීකරණ කොටස් සොරාගත් පුද්ගලයා හසුවෙයි

නිදහස් පක්ෂ මූලස්ථානයේ වායු සමීකරණ කොටස් සොරාගත් පුද්ගලයා හසුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍ර 04ක තඹ කම්බි සහිත කොටස් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු අද (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැකකරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු අයෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

administrator

Related Articles