fbpx

2014 වසරේ ලෝකයේ හොඳම රෝහලට හිමි ජාත්‍යන්තර සම්මානය අම්පාර මහ රෝහලට හිමිකර දුන් පුරෝගාමියා නික්ම යයි

2014 වසරේ ලෝකයේ හොඳම රෝහලට ප්‍රදානය කරන ජාත්‍යන්තර සම්මානය අම්පාර මහ රෝහලට හිමිකරදුන් පුරෝගාමියා ලෙස සැලකෙන ගාල්ල මහින්ද විද්‍යාලය දැයට බිහිකල විශිෂ්ඨතම පුරවැසියෙකු වූ අම්පාර මහා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ලංකාතිලක ජයසිංහ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා.

මේ කෙටි සටහන ඒ වෙනුවෙනි……!

අම්පාර රෝහලේ මේ වන විට ඇඳන් සංඛ්‍යාව 700කට අධිකය.

කාර්ය මණ්ඩලය 1100කට වැඩි අතර වෛද්‍යවරුන් 150ක් පමණ විශේෂඥ වෛද්‍යවරුන් මේ වන විට 20කට වැඩි පිරිසක් සහ හෙද නිලධාරීන් 350කට අධික පිරිසක් මෙම රෝහලේ සේවය කරති.

CT ස්කෑන් යන්ත්‍ර ඇතුළු නවීන යන්ත්‍රවලින් අම්පාර මහ රෝහල සමන්විතය.

රෝහල් භුමිය තුළ ආපන ශාලාවක්, ඒජන්සි තැපල්හලක්, අලෙවිසලක්, රෝහල් කාර්ය මණඩලයේ දරුවන් උදෙසා දිවා සුරකුම් මධ්‍යසථානයක් සහ සංචාරක නිකේතනයක් ද පිහිටුවා තිබේ. ‍

දුෂ්කර රෝහලක්ව පැවතී ම‍ෙම රෝහල දකුණු ආසියාවේ විශිෂ්ඨතම රෝහලක් ලෙස වත්මන් තත්වයට සංවර්ධනය කිරීම සඳහා පදනම සකසා එය ඉදිරියට ගෙන යාමේ නියමුවා වෛද්‍ය ලංකාතිලක ජයසිංහ මහතායි.

මෙම සියලු ජයග්‍රහණ සඳහා පදනම වැටුණේ 2000 වසරේදී ඔහු රෝහල් අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසුවයි.

S-5 සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම රෝහල වෙනස් විය.

ආසියානු පැසිපික් තත්ත්ව සම්මානය, ජාතික ඵලදායිතා සම්මානය, ජනාධිපති සම්මානය, ජාතික තත්ත්ව සම්මානය ඇතුළු විවිධ ජාත්‍යන්තර සම්මාන 30ක් පමණ මෙම රෝහලට ලැබී තිබේ.

අද පොඩි දෙයක් කරමින් ලකුණු දාගන්නට වෙරදරන මිනිස්සුන් සිටින සමාජයක වෛද්‍ය ලංකාතිලක ජයසිංහ යනු වචනයේ පරිසමාප්තියෙන්ම උතුම් මිනිසෙකි ඊට හොඳම උදාහරණය අම්පාර මහ රෝහලට ලැබුණු සම්මානයක් පිළිබඳව ඔහු මාධ්‍යයට දැක්වු අදහසක් පහත උපුටා දක්වමී.

”මේ සියලුම සම්මාන හිමි වුයේ මගේ කැපවීම නිසා නෙමෙයි, සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම හා පළාත් සෞඛ්‍ය අයතනයෙන් ලැබුණු සහයෝගය නිසයි,” යනුවෙන් පැවසීමට තරම් නිහතමානි චරිතයක් විය.

කෙනෙකුට ජනතාවගේ ගෞරවයට, ආදරයට පත්විම එතරම් පහසු දෙයක් නම් නොවේ නමුත් අම්පාර දිස්ත්‍රික්කයේ ජිවිත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලුම ජනතාවගේ ආදරය දිනාගත් ඔවුන් හදවතින් ආදරය කල ඒ චරිතය වෛද්‍ය ලංකාතිලක ජයසිංහයි.

ඒ හේතුවෙන් ඔහු වීරයෙකු ලෙස හැඳින්විමෙහි කිසිදු වරදක් නොමැත.

යුද්ධයෙන් බැටකෑ දුෂ්කර දිවි පෙවතක් ගෙවු අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඇපකැප වී ඔබ අප රටට කල ඒ උතුම් වූ සේවයේ අග්‍ර එලය “අම්පාර මහ රෝහලයි” ඔබ කල විශිෂ්ඨ සේවය වෙනුවෙන් සමස්ත ශ්‍රි ලාංකීය ජාතියෙම උත්තමාචාරය මෙලෙස පුද කරමු.

ෆර්හාන් නිසාම්දින්

administrator

Related Articles