fbpx

ඉබි යතුරු කඩා සිරකරුවන් තිදෙනෙකු පැණ ගිහින්

ඉබි යතුරු කඩා සිරකරුවන් තිදෙනෙකු පැණ ගිහින්

බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තුවාල කර කුලියාපිටිය බන්ධනාගාර සිර මැදිරියේ සිටි සිරකරුවන් තිදෙනකු පෙරේදා (24) පැනගොස් ඇත.

මත්ද්‍රව්‍ය චෝදනා වලට සම්බන්ධව මෙම සිරමැදිරිය තුළ පස්දෙනෙකු රඳවා සිට ඇති අතර එම පිරිස එහි දොරට දමා තිබුණු ඉබ්බා කඩාගෙන විත් ආරක්ෂාවට සිටි නිලධාරීන්ට පහර දී ඇත.

පහරකෑමෙන් තුවාල ලත් නිලධාරීන් පැනයාමට තැත් කළ දෙදෙනකු අල්ලාගෙන ඇතත් අනෙක් තිදෙනා පැනගොස් ඇත.

පැනගිය තිදෙනා සොයා කුලියාපිටිය පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් විමර්ශන අරඹා ඇත.

මෙම සිද්ධිය වන අවස්ථාවේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා වැඩතහනමට ලක්කර විමර්ශනයක් අරඹා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලිත චන්දන ඒකනායක පැවසීය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

administrator

Related Articles