fbpx

අයියා වෙනුවට මල්ලී කණ්ඩායමට

අයියා වෙනුවට මල්ලී කණ්ඩායමට

තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්ගේ බාල සොහොයුරා වන ඔමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙත තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව 65 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමටයි ඔහු මෙලෙස තේරී පත්ව ඇත්තේ.

පසුගිය සඳුදා දින මොරටුව වේල්ස් කුමාර විදුහලේ විදුහල්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය ඔමේෂ් හට ලබාදී තිබෙනවා.

අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුවීම් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් ද සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කර ඇත්තේ මොරටුව වේල්ස් කුමාර විසුහලෙනි.

ඔමේෂ්ගේ මෙම සතුටුදායක පුවත සැලවීමත් සමඟ කුසල් මෙන්ඩිස්ගේ ක්‍රිකට් තහනම් කර තිබීම තවත් විශේෂත්වයකි.

administrator

Related Articles