fbpx

”ඔමික්‍රොන්” නිසා අද සිට ශ්‍රී ලංකාවෙන් රටවල් 08කට සංචාරක තහනමක්

”ඔමික්‍රොන්” නිසා අද සිට ශ්‍රී ලංකාවෙන් රටවල් 08කට සංචාරක තහනමක්

අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ , මොසැම්බික්, එස්වාටින් හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ.

දකුණු අප්‍රිකාවෙන් මතුව ඇති බවට හඳුනාගෙන ඇති භයානක ‘ඔමික්‍රොන්‘ නව කොවිඩ් ප්‍රභේදය නිසා මෙම පියවර ගෙන ඇත.

දැනට ගමන් වාර යොදාගෙන තිබූ අද පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බවට ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කළේ ය.

අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුම තහනම්ය.

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ”ඔමික්‍රොන්” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවධානය යොමුකළ යුතු ප්‍ර භේදයක් ලෙස නම් කර තිබේ.

එහි විකෘති විශාල සංඛ්‍යාවක් ඇති බවත් නැවත ආසාදනය වීමේ අවදානම වැඩි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

එමෙන්ම එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් අවහිර කරන බව ය. එය සඳුදා සිට ක්‍රියාත්මක වේ.

සිකුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුලින් B.1.1.529 ලෙස නම් කරන ලද මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වල පාහේ වැඩිවෙමින් පවතින බව පෙනෙන බවයි.

administrator

Related Articles