fbpx

”ශ්‍රී ලංකාවට එන බෝරා නායකයාට VIP ආරක්ෂාව” – ආරක්ෂක ලේකම්

මෙරටට පැමිණෙන බෝරා නායකයා ඇතුළු කණ්ඩායමට රට තුළ රැඳී සිටින කාල සීමාවේ දී විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සපයන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

“මුළු ලෝකේම බෝරාවරුන්ගේ නායකයා එන්නේ. පාප්තුමා ආව වගේම තමයි බෝරා නායකයාගේ පැමිණීමත්. එම නිසා ඒ සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයා දෙනවා” යැයිද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියා.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් යටතේ බෝරා නායකයාගේ ආරක්ෂාව සැපයීමට නියමිතයි.

මෙම කණ්ඩායම බණ්ඩාරවෙල ඔවුන් රැඳී සිටින ස්ථානයේම දින 14ක නිරෝධායනයක් මෙන් සිටින බවත්, රට පුරා ඇවිදීමට නොයන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අවධාරණය කර සිටියා.

Source : Lanka Lead News

administrator

Related Articles