fbpx

”ජනපතිට ‘පිස්සා‘ කියන්න හැකි තරම් නිදහසක්, ප්‍රජාතන්ත්‍රවාදයක් අපි දීලා තියනවා” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

”ජනපතිට ‘පිස්සා‘ කියන්න හැකි තරම් නිදහසක්, ප්‍රජාතන්ත්‍රවාදයක් අපි දීලා තියනවා” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අතරතුර අදහස් දක්වමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයාට පිස්සා යැයි කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් මෙරට ඇති බවයි.

“හුඟාක් අය හදනවා එතුමාව අවුස්සා ගන්න. අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැයිලු. අද මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියනවා නම් එතුමාට පිස්සා කියලා කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද එතුමා මේ රටේ ඇති කරලා තියෙනවා කියන එක මම තමුන්නාන්සෙලාට මතක් කරන්න කැමතියි. අපි ඕවාට කලබල වෙන්නෙ නෑ. පිස්සො පිස්සො කියලා කිව්වාට අපි ඔව්වා ගැන කලබල වෙන්න එන්නෙ නෑ. ” යනුවෙනුයි ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ.

administrator

Related Articles