fbpx

ලොව සමාජ මාධ්‍යකට එල්ල වූ දැවැන්තම සයිබර් ප්‍රහාරය ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට

ලොව සමාජ මාධ්‍යකට එල්ල වූ දැවැන්තම සයිබර් ප්‍රහාරය ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට

ප්‍රකෝටිපතියන් වන එලොන් මස්ක්, ජෙෆ් බෙසොස් සහ බිල් ගේට්ස් වැනි ව්‍යාපාරිකයන් සහ බැරැක් ඔබාමා, ජෝ බයිඩන් ඇතුළු අමෙරිකාවේ සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් හැක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙය ලොව සමාජ මාධ්‍යයක් ඉලක්ක කර ගනිමින් සිදු වූ දැවැන්තම ප්‍රහාරය බව පැවසෙයි.

Followersලා මිලියන ගණනක් සිටින ප්‍රසිද්ධ Twiter ගිණුම් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වී තිබුණු මෙම හැකර් ප්‍රහාරය මූලිකව @bitcoin, @ripple, @coindesk, @coinbase and @binance වැනි cryptocurrency සම්බන්ධ ආයතන වල ගිණුම් වලටත්, පසුව Apple, Elon Musk, Joe Biden, Kim Kardashian West, Jeff Bezos, Bill Gates, Barack Obama, Wiz Khalifa, Warren Buffett, YouTuber MrBeast, Wendy’s, Uber, CashApp සහ Mike Bloomberg වැනි අනෙකුත් ගිණුම් වලට ද එල්ල වී තිබෙනවා.

ට්විටර් වෙබ් අඩවිය හැකර්වරුන් විසින් ඉලක්ක කර ඇති අතර එහි සිටින එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් මෙසේ හැක් වී ඇත.

බිට්කොයින් වංචාවක් සිදු කිරීම අරමුණින් මෙම හැකර් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

“හැමෝම මගෙන් ඉල්ලා සිටින්නේ ආපසු ලබා දෙන ලෙසයි. දැන් කාලයයි” බිල් ගේට්ස්ගේ ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් වී ඇත.

“ඔබ ඩොලර් 1,000ක් දෙන්න. මම ඔබට ඩොලර් 2,000ක් ආපසු දෙන්නම්”‍ යනුවෙන් සඳහන් වූ එම පණිවුඩය සුළු මොහොතකින් මකා දමා ඇති බව සඳහන්.

මේ ප්‍රහාරයට සම්බන්ධ හැකර්වරුන් ගැන හෝ ප්‍රහාරය සිදු වූ ආකාරය පිළිබඳව තවමත් විස්තරයක් වාර්ථා නොවන නමුත්, මේ ප්‍රහාරයට ලක් වුණු ට්විටර් ගිණුම් වල email address වෙනස් කිරීමට ද හැකර්වරුන් කටයුතු කර ඇති අතර, ඒ නිසාවෙන් එය නැවතත් ලබාගැනීමට සැබෑ හිමිකරුට අවස්ථාවක් නොලැබී යනවා.

මේ වන විට මෙම තත්ත්වය සමනය කරගැනීම සඳහා ට්විටර් ආයතනය කටයුතු කරමින් සිටින අතර, password reset කිරීම, Tweets පළ කිරීම ඇතුළු හැකියාවන් රැසක් සඳහා සීමා පැනවීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මේ සඳහා Bitcoin wallet ගණනාවක් යොදාගෙන ඇති බැවින් එය track කිරීමද ඉතා අපහසු කටයුත්තක් වී ඇති බව වාර්ථා වන අතර, මේ සඳහා යොදාගනු ලැබූ ප්‍රධාන wallet එකට මේ වන විට Bitcoins 12.5ක් පමණ, එනම් අමෙරිකානු ඩොලර් 116,000ක් පමණ ලැබී ඇති බව වාර්ථා වෙනවා.

administrator

Related Articles