Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

රන් හීනය සැබෑ කරගන්න සිංහ දියණියන් පිටියට.. තීරණාත්මක තරගය අද ?

ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (22) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින ප්‍රථම රන් පදක්කම වෙනුවෙන් අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද ඉන්දියාව සමග තරග වදිනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පදක්කම් ඉතිහාසයත් අමතක කරන්න බැහැ.
2014 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගත්තා.
ඉන් අනතුරුව 2022 වසරේදී ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගැනීමටත් අපේ ක්‍රීඩිකාවන් සමත් වුණා.
ඉතින් අද…
ලෝකඩින් පටන්ගෙන, රිදී පසුකරලා රන් පදක්කම දක්වා යන්න සිංහ දියණියන්ට පුළුවන් වෙයිද?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!