Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අනෝජන්ව බේරාගන්න ඉන්දීය සහ අමෙරිකානු තානාපති කාර්යාලවලට ඉල්ලීම්

සෞදි අරාබියාවේදී මරණදඬුවම නියම වූ සිවරාජා අනෝජන් බේරාගැනීම වෙනුවෙන් මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.

සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් ඊයේ (23) පස්වරුවේ මෙම ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා අද දෙරණට සඳහන් කළේය.

මේ අතර සෞදි අරාබියේ දී මරණදඬුවම නියම වූ කියන තරුණයාගේ ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ රාත්‍රියේ  හින්දු භක්තිකයන් පිරිසක් පහන් දල්වා සත්‍යග්‍රහයක් සිදුකළහ.

අදාළ තරුණයා බේරාදෙන ලෙස මෙරට රජයෙන් සහ සෞදි රජයෙන් ඉල්ලා සිටින බව එම සත්‍යග්‍රහයට එක් වූ බොරැල්ල පත්තිනි දේවාලයේ ප්‍රධාන පූජක එස්. විනායගන් කුරුක්කල් පූජකතුමා පැවසූවේය.

මේ අතර මරණදඬුවම නියම වූ අනෝජන් එම දඬුවමෙන් නිදහස් කර ගැනීම සඳහා වන මෙහෙයුමක් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී ඔවුන් මාලදිවයිනට ගොස් එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් හමුවී අදාළ ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

සෞදි රජය සමග සමීප සබඳතාවයක් පවත්වන බැවින් මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකළ බව ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයා අද දෙරණයට සඳහන් කළේය.

එමෙන්ම සිවරාජා අනෝජන් මරණදඬුවමෙන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා ඉදිරි දින කිහිපය තුළ සෞදි රාජ්‍ය බලා පිටත්ව යාමට ද නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!