රැජිනක් වෙනවට වඩා අමාරුයි රැජිනක් වගේ ජීවත් වෙන එක ” කාලෙකට කලින් කිරුළ දරන්න ඇය ගහපු ගේම

රැජිනක් වෙනවට වඩා අමාරුයි රැජිනක් වගේ ජීවත් වෙන එක ” කාලෙකට කලින් කිරුළ දරන්න ඇය ගහපු ගේම

රූ රැජිනක් ලෙස කිරිළු පළඳින්න කාන්තාවක් ඇත්තෙන්ම වාසනාවන්ත විය යුතුයි.. ඇය ඒ භාග්‍ය හිමි කරගන්නේ මීට වසර ගණනාවකට ඉහතදීයි..

සරලවම කිව්වොත් අද තරම් සමාජ මාධ්‍ය පරිහරණයක් සිදු නොවුන කාලයේ පටන් අද වෙනතුරුම ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් වෙන්න වරම් ලබාගත්තා.. රෝසි සේනානායක, විවාහ රූ රැජිනක් ලෙස ඇය හිස දැරූ කිරුළ ගැන අදත් මේ වගේ සටහන් පළ වෙනවා.. රෝසි සේනානයක ඇගේ මුහුණු පොතේ ඒ ගැන මතකය අවදි කරලා තිබුණේ මෙන්න මෙහෙම‍යි..

“රූ රැජිණක් වෙනවාට වඩා අමාරු,
රූ රැජිණක් විදියට ජීවත් වෙන එක ”
මේ ඉන්නේ ලොව ප්‍රථම විවාහක රූ රැජිණ (Mrs. world), බර්නඩීන් රෝස්. ශ්‍රී ලාංකික කාන්තාවක්’…
විවාහකයන් වෙනුවෙන් පැවැත්වෙන ලොව විශාලතම තරගාවලිය හැටියට සැලකෙන්නේ “විවාහක රූ රැජිණ” තරගාවලියයි. 1984දී එය ආරම්භ වුණේ ඇමරිකා එක්සත් ජනපදයේදී “Mrs. Woman of the world” යන නමින්. මට හිතෙන විදියට දැන් තියෙන නමට වඩා ඒ නම බරයි. එය පළමු වරට ජයගත්තේ ශ්‍රී ලාංකික බර්නඩීන් රෝස් සේනානායක බව අපේ රටේ දරුවන්ට කියන්න එය පෙළපොතකටවත් ඇතුළත් වුණාදැයි මම දන්නේ නෑ.
රෝස් සේනානායක හෙවත් “රෝසි” සේනානායක, 1980දී ලෝක රූ රැජිණ (Miss world) තරගාවලියට සහභාගී වී, 1981දී ආසියානු පැසිෆික් රූ රැජිණ (Miss Asia Pacific) කිරුළ දිනාගත්තා. 1984දී ලොව පළමු විවාහක රූ රැජිණ වුණා. ශ්‍රී ලංකාවට ආඩම්බරයක් නොවෙයිද?
ශ්‍රී ලංකාවේ මුල්ම පරිගණක මධ්‍යස්ථාන ආරම්භ කරන යුගයේ, ඒ කියන්නේ ’80 දශකයේ අගභාගයේදී ඇය ඒවා විවෘත කරන්නත් සහභාගී වෙලා තියෙනවා. 1998දී ඇය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කීර්තිනාම තානාපතිනිය හැටියට පත්කෙරුණා. අපි අවුරුදු හැත්තෑ ගණනක් පුරා සදාකාලිකව ලෝකය ඉස්සරහ පරාජිත ජාතියක් නොවෙයි. යුද්ධයකුත් තිබිලා ’80 දශකයේ අග වෙනකොට ශ්‍රී ලංකාව තිබුණේ එතන. ඉන්පස්සේ ආවා භීෂණය. ඒවා හැමෝගේම වැරදි.
පසුව රෝස් සේනානායක, “රෝසි” සේනානායක හැටියට දේශපාලනයට එනකොට එතන රූ රැජිණක් හිටියේ නෑ. ඒක වෙනම කතාවක්. ඒත් අද වෙනකොට ගමෙන් ආපු අනුදි ගුණසේකර ගැන අගයමින් වාද විවාද යන අතරතුර, රත්නපුර ෆර්ගසන් බාලිකාවේ
රෝස් සේනානායක විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජයග්‍රහණ ගැන කිසිවෙකු කතා කරනවා මම දැක්කේ නෑ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *